Thursday 12 January 2012

සුනේත්තරා ට මාන්නයක්... !


හා හා පුරා෴ හා හා පුරා ෴ අවසර පස්වාන් දහසකට ඉර හඳ කුජ බුද පවතිනාතේයක් ආයිබෝවන්ඩ... අහස පොළව පවතිනාතේයක් ආයුබෝවන්ඩ ෴ කොළොම් තොට කොළොම් ගහක් යට සල්පිල් ඉදිකර තිබුණා හැබැයි ෴ පොත් කර කර්දාසි මැදි කර හයිය කර්දාසි බැඳ තිබුණා හැබැයි ෴ පොත් වට එලලා සුබාවට තිබුණා හැබැයි ෴ කන්ඩ තිබුණා හැබැයි ෴ බොන්ඩ තිබුණා හැබැයි ෴ එළි පත්තු කර තිබුණා හැබැයි ෴ රූ බෙර කාරයන් රූ සිංදු කාරියන් සිංදු කිව්වා හැබැයි ෴ මාන්න පහක් ලකුණු කර තිබුණා හැබැයි ෴

සුනේත්තරා ට මාන්නයක් දීලා තිබුණා හැබැයි ෴

එතැන්දී මාන්නේ සුනේත්තරාටයි ෴ කාසි පේමසිරිටයි ෴ තන්තෝසය මටයි කියාලා පොත් කරලා කම්බේ දාලා තිබුණා වූ සද්දන්ත කර්දාසි ගොන්නක ඇරගත්තා වී නම් ෴

මයෙ හිමි හාංදුරුවන් වහන්ස ෴
ක්‍රීති ශ්‍රී රාජසිංහ දෙවි මහ රාජෝත්තමයාණන් වහංසේ මහ ගබඩා කුඩා ගබඩා වීදි වලව් ඇතුව කන්දේ නුවර වැඩ වාසය කරා සැබෑවා සත්තවාදී නම් වහංස දෙයි හාංදුරුවන් වහංස ෴ අසරණ, සරණ, සරණංකර, වැලිවිට සරණංකර සංඝරාජ උන්නාන්සේ සාමණේරව හිටියා සැබෑවා සත්තවාදී නං ෴ උන්නාන්සේ ලෙව්කේ නිළමේ හිරකරලා හිටපු ගල්ගෙයි දොරකොඩට වැඩලා හිට බාලාවතාරයක් ඉගෙන කියා ගත්තා සැබෑවා සත්තවාදී නං ෴ ගණේතැන්නේ නිලමේ කෙනෙක් නැව් නැගලා හිට සියමෙට ගොඩබැහැලා උපාලි උන්නාන්සේ වැඩමෙව්වා සත්තවාදී සැබෑවා නං ෴

මාන්නේ සුනේත්තරාටයි තන්තෝසේ මටයි කියලා හිට සුනේත්තරාගේ කතාව එලිවෙනකං රෑ වෙනකං කියවලා සිත් සන්තෝසයක් පිටකර ගන්ට සුනේත්තරා කවිකඳුර ලියාපු ගිරන්ද හිංගලෙන් මේ ඇබින්දං චූර්ණිකාව ලියා පෑවා එහෙමයි ෴ ආයුබෝ වේවා ෴ ආආ යිබෝ වේවා ෴ ආයිබෝ වේවා ෴.යහපති ෴.

දෙදාස් එකොළහේ බිනරේ අගට වෙන්ට ලියැව්වා
ඒ වගත් මෙසේම ෴.

4 comments:

Buru Babe said...

මාත් මේ පොත කියවන්න පටන් ගත්තා. ඒත් මට තාම ඒ භාශාව තේරෙනවා අඩුයි වගේ. ඒත් කියවාගෙන යාමේ ආශාව නම් පුදුම විදියට ඒ පොතට මාව සම්බන්ද කරලා.
සමහරවිට පස්සෙ ප්‍රශ්න ඉතිරි වුනොත් අහන්න එන්නම්කෝ....

MaJee said...

කියෙව්වා නේන්නම්. සිත් සංතෝස කරගත්තා නේන්නම්. චූර්ණිකාව ද බොහොම අගේ බව කියන්ට වුවමනාය. ආයිබෝවේවා!!!

MaJee said...

funny, interesting, cool මේ තුනටම මනාප බවද කියන්ට වුවමනාය :-D

දුකා said...

මාන්නේ සුනේත්තරාටයි තන්තෝසේ මටයි කියලා හිට සුනේත්තරාගේ කතාව එලිවෙනකං රෑ වෙනකං කියවලා මදිපාඩුවට මේ දවස්වල ආපහු පාරක් කියෝනවා ඕන් . . .