Sunday, 8 January 2012

දැක්කොත් පද්මාවතී !


මලික් මුහම්මද් ජයසි ඉන්දීය කවියෙකි, 1540 දී ඔහු පද්මාවතී ලිවීය.

පද්මාවත සිහලද්වීපයේ කුමරියකි. ඇය ගාන්ධර්වසේන රජුගේත් චම්පාවතී බිසවගේත් දියණියයි. ඇය රණකාමීය, වික්‍රමාන්විතය, දේශප්‍රේමීය, අතිශයින් සුරූපීය. දඹදෙනි යුගයේ රාජ්පුත් රාවල් රතන් සිං හා විවාහ ව චිත්තෝරයට දීග ගිය ඇය ඉන්දීය ඉතිහාසයේ ජාන්සි රැජින තරම්ම සම්භාවනාවට පත් වෙයි.

රතන් සිං රාජමාළිගයේ ගාන්ධර්වයා වූ රාඝව චෙතන්, ඔහුගේ වැරදි වසා ගැනීමට, එවකට දිල්ලිශ්වරයා වූ අලාඋද්දින් ඛිල්ජි උසිගන්වන්නේ වස්දඬු හඬින් වශීකළ ඔහු හට සිහල කුමරියගේ රූ සපුව වර්‍ණනා කරමිනි. අලාඋද්දින් චිත්තොර් වෙත හමුදාව මෙහෙයවන්නේ පද්මාවතිය කෙරෙහි ඇති රාග සිත නිසා උමතුවෙනි.

හොඳින් රැකවරණ ලැවූ චිත්තෝරය දුටු අලාඋද්දින් ඔහු ගේ රණ උපක්‍රම නිශ්ඵල වීමට නියමිත බව දැක රතන් සිංගෙන් ඉල්ලා සිටියේ තමාට චිත්තෝරයෙහි ඓශ්වර්ය පෙන්වන ලෙසයි. පද්මාවත දැක ඇය සිය සොයුරිය ලෙස සැලකීමට සූදානම් බව කියන අලාඋද්දින් කැඩපතකින් ඇය දැක කෙසේ හෝ ඇය අත්පත් කරගැනීමට අදිටන් කරගනී. රාජලීලාවෙන් අලාඋද්දින් හා පසු ගමන් ගිය රාජා රතන් සිං උපක්‍රමයෙන් සිර කරන දිල්ලීශ්වරයා පද්මාවතිය සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කරයි.

පසුදින උදයේ පද්මාවතිය රැගත් පල්ලැක්කිය එකසිය පනහක් පිරිවර කතුන් රැගත් පල්ලැක්කි පිරිවර කර මෝගල් කඳවුරට පැමිණුනි. කුණම් පිළිගැනීමට පෙරට ආ පඨානයන්ට මුණගැසෙන්නේ ඒවා ඇතුළත පැමිණි අසිධාරක රාජපුත් යෝධයන්ය. පද්මාවතියගේ මව්පස මාමා වන ගෝරා [චම්පාවතී රැජින රාජ්පුත් කුමරියකි!] සෙනෙවියා විසින් මෙහෙයවන ඔවුන් රතන් සිං නිදහස් කර චිත්තොර් දුර්ඝයට වදිති. ගෝරා අලාඋද්දින් ඛිල්ජි ගේ මඩුව වෙත ගිය මුත් ඛිල්ජි පුර කතකට මුවා වී සිටි නිසා "රාජ්පුත් සිරිත අනුව ස්ත්‍රියකට එරෙහිව අසිපත එසවීම නොතරම් බැවින්" මරා දැමීමට ඔහුට නොහැකි විය. ගෝරා මූගල් සෙබළුන්ට ගොදුරු විය.

ඉතා දිගු වැටලීමකට ගොදුරු වන චිත්තෝරයේ අහර හිඟ විය, ජලය හිඟ විය. කොටු දොර හැර සතුරා හා සටන්වැදීම රාජ්පුත් විරුවන්ට ඉතිරි එකම ක්‍රියාව වෙයි. කොටු දොර හැරීමට පෙර මහා ගිනිමැලයක් දල්වන පද්මාවත හා රාජ්පුත් ඉතිරින් සිය දිවි පුදන්නේ පිරිමින්ට රාජ්පුත් සිරිත වන උදාර සටන්කාමී මරණ අභිලාෂය පමණක් ඉතිරි කරමිනි. රාජ්පුත් සිරිතට අනුව 'කුංකුම' [saffron] වර්ණයෙන් සජ්ජිත රාජ්පුත් හු කොටුදොරෙන් නික්ම අසංඛිත පඨානයන් හා සටන් වැද මිය ගියහ. ජයග්‍රාහී අලාඋද්දින් ඛිල්ජි චිත්තෝරයේ පණැති කිසිවකට හිමිකම් නොලබා දිල්ලියට ගියේය.

අලාඋද්දින් ඛිල්ජි 1296- 1316 අතර විසි වසක් දිල්ලිය පාලනය කළ ජහපනාහ වරයෙකි. පද්මාවතිය ගේ මරණින් පසුවද උතුරු ඉන්දියාව මුගල් වරුන්ට යටත් වනු නොදී අල්ලා ගෙන සිටියෝ රාජපුත් වරුහු වෙත්. ජලාලුද්දින් අක්බාර් හා විවාහිත එඩිතර රාජපුත්‍ර 'ජෝදා' කුමරිය නෑකමින් පද්මාවතියගේ මී මිනිබිරියක් විය යුතු යැයි රතු බලකොටුව පිහිටි දිල්ලි හයේ [Delhi Six] චාන්දනි චෞක් හි [රිදී හන්දිය] සිට කතා වු බව මට මතක් වෙයි.

වංග මහාලේන ඊශ්වර බොංකිම චන්ද්‍ර චට්ටෝපාද්‍යයන් [චැටර්ජි] ගේ සියුම් ගැදි කවියක් වන දුර්ගේශනන්දනිය මා අතින් නිතර කියැවෙයි.එහි තිලෝත්තමාවට මින් වසර 15කට ඉහත සිටි මදුරි දික්සිත් ද ආයෙශාට දැන් සිටින ඓශ්වර්යා රායි බච්චන් ද යොදා චිත්‍රපටියක් තැනීම අපේ ගෙදර උන්දෑගේ හා මගේ හැබෑ නොවෙන හීනයකි.

පහත ෆෝරම උපුටනය අන්තජාලයෙන් හමු වූ විට සෙල්ලිපි කියවමින් උන් ඉසිවර පරනවිතාන සිරිමතුන්ට 'අරිස්තතලාචාරීහු ප්ලතවාචාරින්ගේ සිසුහු වෙත්' ["Aristotle was the pupil of Plato" - Greeks and Mauryas -Paranavitana:1971]නම් වැකිය හදිසියේ හමු වූ විට ඇති වූ විමතිය තරම් නොවූවත් තරමක රෝමෝද්ගමනයක් ඇතිවූ බව සැබෑවකි.

http://indiaculture.net/talk/messages/128/8057.html?1315317658

‘She did exist. Else I and my family wouldn’t be here in India. This is a direct descendant of her Uncle Gora and we are Bhatti Rajputs, originally from Sinhala. Our family had come for the royal wedding from Sinhala, our ships docked at Porbandar, the only port closest at that time. The world wonders whether all this was fact or fiction....! We know. Till date, our grandfathers broken house in Chittaur exists where each generation has gone to pay respect, 16 generations to date. Her maternal lineage does exist till today. We know the speculation will continue, what does it matter now!’

'දැක්කොත් පද්මාවතී' ගීතය චාල්ස් ඩයස් සූරීන් ගේ පද්මාවතී නුර්තියෙන් උපුටා සත් සමුදුරෙන් ජනගත කළෝ සිරි ගුනසිංහයෝ හ. ['එවක මේ ගිතය සාජ්ජ නිසා හොඳින් ජනගත වී තිබූයෙන් සිරි ගුනසිංහයන් සත් සමුදුර සඳහා යොදා ගත්තේය.' යනුවෙන් මේ වැකිය සිගේරා විසින් නිවැරදි කෙරිනි]. ප්‍රංශ ඔපෙරා කරු අල්බෙර් රුසල් [Albert Roussel] පද්මාවතී නමින් 1923 දී ඔපෙරාවක් කළේය. 2008 දී ඉන්දීය සිනමා මායාකරු සංජය ලීලා බන්සාලි එම ඔපෙරාව නැවත නිෂ්පාදනය කළේය. ඔහු 2012 දී ඉන්දීය රුපියල් කෝටි අනුවකින් පද්මාවතිය සිනමාගත කිරීමට යයි.

පද්මාවතිය කුරුණෑගල පැත්තේ කෙල්ලකි. පද්මාවතිය දකින්නට අපි ද ආසාවෙන් සිටිමු.

[පද්මාවතියට කරිනා කපූර් තෝරාගෙන ඇතැයි ඇසූ අපේ ගෙදර උන්දෑ මෙතන නොසිට යන්න ගියාය]

දකුණේ:

දෙවනපිය පියදස් අසෝක මහාරාජෝත්තමයාණන් වහන්සේ ඉදිකරවූ අසෝක ස්තම්භයක්

වමේ :1192 වර්ෂයේ තුර්කීය මාම්ලුක වංශයේ කුතුබ් උද්දින් අයිබක් විසින් මූගලයන්ගේ ඉන්දීය ආගමනය සනිටුහන් කරනු පිණිස අරඹා ෂම්ස් උද්දින් ඉත්තුත්මිශ් විසින් අවසන් කළ කුතුබ් මිනාරය. ඒ අසල කොතැනක හෝ 'අපූ ගේ ලෝකයේ' සඳහන් 'චිකන් කට්ලට්' විකුණන තැනක් නොවූ බවද සැළකිය යුතු මනා ය.

15 comments:

Lishan Puwakowita said...

දිල්ලී චේ නැතිනම් දිල්ලි හය, ජෝදා සහ ජලාලුද්දින් අක්බර් අපට හුරු පුරුදු වන්නේ සිනමා රූ හරහාය. වෙසෙස් චරිත ගැන වූ නෙක උදව් කතා, මේ මතක ඉතිහාසයන් නැවත ගොඩලෑමට මහත් වූ අවකාශ සපයයි, රූ හරහා තතු බෙදනවාට වඩා තතු හරහා රූ මැවීම මනස්කාන්තය. එවිට ඉන් ලැබෙන රස වඩාත් මිහිරි වේ. රස බෙදිය යුත්තේ අරුත් සහිතවය.., එවිට නිමිත්ත වඩාත් පැහැදිලි වේ. ළහිරු නැඟෙන විට තුෂර දුරුවන්නේද එලෙස ය. මේ ලියවීම් වලට මීට වඩා ඉඩක් ලැබිය යුත්තේ එනිසාය.

හෂිත said...

ඔයාගෙ පරිකථනය [comment] ඉතාම ලස්සනයි ලිශාන්..!

දුකා said...

මෙදා සැරේත් උඹ අපිව අමුතුම ලෝකකට අරන් ගියා වගේ දැනේ . . .

මේ ලියවිලි වියුනු සාහිත්‍යයෙන් ඔබ්බට ගෙන යන්න ඕන කියලා අපි හිතුවට උඹ එහෙම හිතන්නේ නැති එක මහා අපරාදයක් . .

පද්මාවතීට කරීනා තෝරාගත් බව අසා සචීට මල පැනපු තරමක් මට හිතා ගත හැකිය . .

මොකද මටත් එපමනකටම මල පැනපු නිසාවෙන්.

කොහොම නමුත් පද්මාවතීට අඩු තරමේ ප්‍රියංකා චොප්-රා ව වත් රිප්ලේස් කරාවි කියා හිතාගෙන ඉඳිමු.

හෂිත said...

සුභාෂ්: අපි පද්මාවතීට එක එක නිළිය කාස්ට් කරලා බැලුවා තාම කෙනෙක් අහු වුනේ නෑ. ටිකක් හරි ළඟට ආවේ පූජා උමාශංකර් විතරයි.

ආගන්තුකයා | Stranger said...

මලා.. මම මෙච්චර කල් හිතන් හිටියේ චාල්ස් ඩයස් හැදුවේ හංසවතී නුවර පද්මාවතී කියලා.. මට නම් විද්‍යා බාලන් තමා ඔළුවට එන්නේ..

සචී said...

පද්මාවතීට 'පූජා' ගේ ගැළපීම වැඩියි..එයත් ලංකාවෙන් ඉන්දියාවට ගිය කෙනෙක් නෙ..!

ආගන්තුකයා | Stranger said...

ඔන්න පොඩි අවුල් ටිකක් ලිහාගන්න ආයි ආවා.. මේ පද්මාවතී කියන්නේ පද්මිණී රැජින නම් පද්මිණී රැජිනගේ උපත තියෙන ෂින්ගල් කියන ප්‍රදේශය මොකද්ද කියන එක පැහැදිලි කරගන්න වෙනවා. මොකද මම කියවපු විදිහට ගාන්ධර්වසෙන් ගෙයි චන්ද්‍රපබාගෙයි දුව පද්මිණි ඉඳලා තියෙන්නේ සිංහාල් කියන්නේ මේ අග්‍රාසෙන් හදපු සිංහාල්.. මේක නේද අග්‍රා කියන්නේ.. මට මේක ටිකක් පැටලිලි සහගතයි. දැනුමැත්තෙක් පහදා දෙත්වා.. ඒස්වාහ්...

හෂිත said...

මම අහලා තියෙන හැටියට නම් පද්මාවතී දඹදෙනියේ කුමාරිකාවක්. ශින්ගාල් වරු හා රාජ්පුත් වරු සම්බන්ධ වෙන කිසිම ලියවිල්ලක් අන්තර්ජාලයේ හොයාගන්න බැරි වුනා. ශින්ගල් ද්වීප් කිව්වෙ ලංකාවට කියලා නම් කීප තැනක සඳහන් වුනා.චාල්ස් ඩයස් මේ කතාව නිෂ්පාදනය කළේ පද්මාවති සිංහල කුමරියක් වීම නිසා කියලයි දයානන්ද ගුණවර්ධන ලියලා තියෙන්නෙ. කල්කී පුරාණයෙත් මුහුද මැද තිබුණු සිංහල ද්වීපයේ පද්මිනී කුමරියක් ගැන කියනවා. ශින්ගාල් කියන්නෙ ඉන්දීය ගෝත්‍රයක්/වාසගමක් විතරක් බව තමයි පෙනෙන්නෙ [අග්‍රා වල ශින්ගාල් වරු වැහි වැහැලා වගේ]. කිසිම සිතියමක ශින්ගාල් නමින් ප්‍රදේශයක් හමු වුනේ නෑ. මම මේ කතාවට පදනම් කර ගත්තේ මේ පෝස්ට් එකේ උපුටා දක්වලා තියෙන ෆෝරම් පරිකථාව. අග්‍රා ඉඳන් චිත්තොර් එන්න නැවක් ඕන වෙන්නේ නෑ. පොර්බන්ඩාර් වලින් නැවෙන් බැස්ස කතාවක් තමයි ඒ පෝස්ට් එක කියන්නෙ. ශින්ගාල් කියන ඉන්ගිරිසි අකුරු අග්‍රාසෙන් ගෙ එක්ක සම්බන්ධ වෙන්නේ අකුරු සමාන වීමක් පමනක් නිසා බව තමා මම හිතන්නෙ.

හෂිත said...

http://eternalliterature.blogspot.com/2009/04/padmavat-1540.html
It describes the beauty of the precious girl Padmavati. Ratnasen gets lunatic to get her, starts to Singhal Dweep with 16 thousand princes. Hiraman as a guide helps him. Crossing several oceans Ratnasen stays in Shiva Temple. Hiraman goes to Padmavati and narrates King's temple approach. On 'Vasant Panchami' she comes there. Ratnasen gets fainted seenig her charming beauty. She writes on his breast with sandle pase - Yogi, you learnt not the 'yoga' of an ability to get alms. You slept while the time of acceptance came knocking at your door. Ratnasen awoke with a sudden alarm will furiousness to suicide. Shiva and Parvati gave him 'Siddha Gulika'. Any way, by grace of God, he got married with Padmavati.

හෂිත said...

According to Jaisi, Chitor stood for body, Raja for mind, Ceylon for heart, Padmini for wisdom and Alauddin for lust.*

හෂිත said...

http://www.banglapedia.org/httpdocs/HT/P_0010.HTM
Padmavati medieval Bangla romantic poem adapted by alaol, poet laureate of the royal court of Arakan, from the original Hindi poem Padumavat in 1652 at the behest of Prime Minister Magan Thakur.

The poem blends folklore and history. It narrates how Raja Ratnasen of Chitor marries Padmavati, a Sri Lankan princess, who is also desired by Alauddin Khilji, Sultan of Delhi, who leads a futile military invasion to win her. The original Hindi poem has a touch of mysticism and sufism, but the Bangla version is a poem of secular human love. [Wakil Ahmed]

හෂිත said...

Padmavata. Queen Nagamati rashly asks her new parrot who is more beautiful, she or his former owner Princess Padmavati of Sri Lanka. Naturally, she gets a displeasing answer. In his poetic romance Padmavata, the sixteenth-century Muslim mystic poet Malik Muhammad Jayasi, employed the two-centuries-old historical story of Padmavati, the consort of the Rana of Chitor, a Hindu king defeated by the truths of Sufism (Muslim mysticism). This manuscript of the poem dates from 1750 and was created in North India. (Southern Asian Collection, Asian Division)
http://www.loc.gov/rr/asian/guide/guide-homer.html

හෂිත said...

http://wn.com/Padm%C3%A2vat%C3%AE_(opera)link

ආගන්තුකයා | Stranger said...

ස්තූති වේවා. හෂිත අයියේ අපිට දඹදෙනි යුගය ටිකක් පෙරලලා බලන්න තැනක් තියෙනවාද පද්මිණී ගැන හොයාගන්න පුළුවන්. මම හිතන්නේ දඹදෙනියේ ප්‍රාදේශීය රජ කෙනෙක් වෙන්න ඕනි. එක්කෝ රාජාවලියේ ඇත්තේ සේන කියලා වෙන්නත් පුළුවන්. මම මේ හොයන්න ටයි එකක් දෙනවා දඹදෙනියේ සේන කෙනෙක්ව.

Hasitha said...

නොදන්නා කරුණු ගොඩක් දැන්ගන්න ලැබුණා. ස්තුතියි අයියා :)