Tuesday 6 April 2010

෴ මැදින් කහ මල් ෴











රජ කැලෙන් පැන
ධවල තුරඟුට
එකම හුස්මෙන්
පැමිණ ඔරුවට

සුබ්බම්මා
ඔබ පැලට
ආයෙමි
කන්නසාමිගෙ
තම්පලා මැද

හරිත පල්ලුව
ගෙතුණ ඔසරිය
තෙමා වැටෙනු ද
වියෝ දුක මැද
මදුර පුරයෙන්
ගෙනත් තනි කළ
දුකට ගැටඹෙන්
ගඟත් ඇදවිය

මැදින් මහ හැම
පිපෙන කහමල්
හරිත පල්ලුව
වැළඳ වැතිරෙත

සඳ දිදුල
තුරු හිස
රැඳෙන මෙන
දුරුතු මරණෙන්
නැඟී එන්නෙමි


෴ ඒ වගත් මෙසේම෴
෴ කීර්ති෴.

සුබ්බම්මා යනු ශ්‍රී වික්‍රම රාජසිංහ කන්ද උඩරට රජුගේ මවයි. ඇය කීර්ති ශ්‍රී රාජසිංහට, රාජාධිරාජසිංහට හා පිළිමතලව්වේ අධිකාරමට යකඩ දෝළියක වූ  බව ප්‍රවාද ගතයි. රජුන් හා නිළමේලා ගැන කතා ලියා තබා ඇති නමුත්, සුබ්බම්මා ගැන කතා ඇත්තේ ජනප්‍රවාදයේ පමණකි. කීර්ති ශ්‍රී රාජසිංහ හා ඇය අතර තුබුණා යැයි කියැවෙන ප්‍රේමය මේ ප්‍රබන්ධයට නිමිත්ත විය. මාර්තු මස[මැදින්] අග සතිය වෙන විට ඇය විසුවා යැයි කියැවෙන ඉඩම ඇති පේරාදෙණිය මල්වත්තේද ඉන් මොබ ඇති විශ්වවිද්‍යාල භූමියේද  තුරුහිස් 'යථා පුෂ්පිත' කහ පැහැති මල් අගින් හැසී ගැවසී ගනී. එකී උයන් බිම් වටකර මහවැලි නදිය ගැටඹෙන් අක්වක් වී ගලයි