Tuesday 12 October 2010

පතිනි කාලිය..!















රම්භා සේය වුවනත
රතු තිලකයකි නළලත
පතිනි සිරිමා වැනිය දෙනුවන
කාලිය නිදයි හද ගැබ

වේදනාවක් දරා අතීතෙක
බෝදිලිමාට වුව අමතක
කොයි ගොසින් කොයි යම්ද
සත් සියක් පිරිවරට රැවටුන

රත් මල් සුන් බුන්ව විසිරුන
රත් කසී සළු වැතිර වැරහැලිව
මණ්ඩල මිණි පියුම සුපුල්ලිත
ඇතුලත් පිටත් ගැටයුත් න්‍යාසය

මහා පොදු සාධකය
කැටි කළ අන්තරීක්ෂය
ක්වාසාර ස්ඵන්දනය වන
තාරකා දොරටුවයි
පතිනි කාලිය දෝලනය වන



12-10-2010