Saturday, 13 November 2010

11/13



කුඩා ඉටිපන්දමක්
හොරෙන් දල්වා තබමි
රැහැයියන් ගොළු ව ගිය
රාත්‍රිය
නිදිනැතිව ගෙවි ගිය
අයුරු
යළි
සිහි කරමි

13/11

5 comments:

  1. ආවර්ජන සුවබර වේ
    විඳින්නන් හට
    අපුල වණ
    විඳවන්නන් ට
    ..........!

    ReplyDelete
  2. හසිතගේ වචන අස්සේ අතරමං වෙන එක පුරුද්දට කරගෙන ආවත් මේ පෝස්ට් කිහිපයක් මඟ හැරිලා.

    අපූරුයි හසිත

    ReplyDelete
  3. මතකය සුන්දරයි... නිර්මාතෘතුමා කුමක් අදහස් කලත් මට එන්නේ ඒ ප්‍රථම රාත්‍රියේ සුන්දරත්වයයි.. ඒක අපි පලමු පෙම ගැන කතා කරනවා වගේ සිතේ ඇඳී තියේවි.. යසයි.. මරු..

    ReplyDelete
  4. ඔබට මා
    මටද ඔබ
    මඟ හැරුනු
    රාත්‍රිය

    ඔබේ උන්ගේ අනින්
    එලි නිවුන රාත්‍රිය
    අනිත් උන්ගේ අනින්
    ගිනි බිඳුන රාත්‍රිය

    ReplyDelete
  5. දිනය බලන්න.. චිරන්ත හරි

    ReplyDelete