
බාලගිරි ළමා බයකර
නින්ද නොදී අද අද එන
උරාබොන ලපටි තොල් වල
තහංචියක හීන හෙලන
දළ-ගිරි ගිරි ගිගිරි සලන
සිහබා සීවලී අතර
නඟා මැරු අල පැලකළ
'පූනලුවා' පවුල් සිරිත
සංසාරෙට උරුම කෙරුව
හංසවතී නුවර ඉපිද
විළියෙන් මියගිය කරුමය
අහස උඩබැලූ දවසක
ගිරුවා වැවු තාවුල්ලක
නිලිවස්තර වී ඉඳින්ට
අමතක වූ ඉති-හාසෙක
හෙවනැල්ලක් වී ඉඳින්ට
13-10-2010
2 comments:
ගිරි දේවි කිව්වාම මතක් වුනේ මම සංගීතය ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තු කවියක "ගිරි දේවි උපතය මම කියන්නේ" කියලා පදයක් තිබ්බා වගේ මතකයි. ඒත් ඒ මොන කවියක්ද ? මුල් පද මොකුත් මතක් වෙන්නේ නැහැනේ............
සෑරි සොඳට දිගු වරලස දිලෙන්නේ . . .
නෙරිය තියා ලා සේලය අඳින්නේ . . .
රනින් රිදී මුතුහර ගෙල පෙනෙන්නේ . .
ගිරි දේවි උපතය මම කියන්නේ . . .
Post a Comment