Tuesday 23 November 2010

1990/11/25


මහජන පුස්තකාලයේ ග්‍රීන් පාත් පැත්තේ ඇති ගම්මාලු ගහ යට අදත් ඉඳගෙන ඉන්නා කෙල්ලගේ හා කොල්ලාගේ කතාවේ දෙවනි දවස.. ................ .................. .....................................


රෑ වට වැස්සෙන්

අහස වසා සිටි

අඳුරු පහැය

සේදී බිම වැටිලා ...


ඉද්ද කැකුළු මත

හීතල පිණි බිඳු

සිනහ නගයි

මොහොතක් රැඳිලා .....


රෑ තුන් යම

නිදි වරන හිතට

යළි

කාංසියක් නැහැ

ඔබ පැමිණිය පසු

කාංසියට සමු දෙමි හැමදාටම

හිස්තැන් නැත

හිත අහලක මින් මතු ....


නිම් වළල්ලටත්

එපිටින් ලෝකෙක

හීන මාළිගා තැනුනු රැයේ

නිම් වළල්ල

හිත යටින් පනින්නේ

ඔබගේ ලෝකෙට

දුරක් තියේ ......


ඉරහඳ තරු නැති

එළිය බිඳක් නැති

කළුවර තුන් යම

එකලු වුනාවේ ......


සිතිජ ඉමේ රත් වළා අතර හිඳ

අපේ හිනහ හඬ හිනා වුනාවේ




2 comments:

Rachintha Jayawardhana said...

මෙව්වට "මරු" විතරක් කියලා මදිත් වගේ!

Anonymous said...

ආ මේ ගම්මාලු ප්‍රේමේ දවස් නේද?
සමාවෙන්න ඕනේ පරක්කු උනා නම් සුභ පතන්න...

දෙන්නාටම Happy anniversary