Thursday 5 November 2009

මේසය මත ඉටි වැටිය දැවෙයි... ඉටි වැටිය දැවෙයි...!



මම ඉස්කෝලේ යන කාලයේ දොස්තර ෂිවාගෝ බලා යුරි අන්ද්රෙයෙවිච් ෂිවාගෝ ද ලාරා ද ඩේවිඩ් ලීන් ද මරිස් ශාර ද හා පෙමින් බැඳුනෙමි. ඒ කාලයේ මා ෂිවාගෝ පොත ඇසට දැක තිබුනේ නැත. එහි “මේසය මත ඉටි වැටිය දැවෙයි” නම් කවිය ගැන අසා තිබුනේද නැත.

මට ඇය දුන් දෙවැනි උපන්දින තෑග්ග “ෂිවාගෝ” පොතයි. සැතපුම් දහස් ගණනකට එහා උන් 'ක්‍රිෂානි' ලවා ඒ පොත ගෙන්නවා දෙන්න පාසැල් දැරියක ට හැකි විය. ඒ ආදරයයි.. සෙනෙහසයි...

ජීවිතයට අවැසි වෙන කුමක්ද?

ЛАРА....!

හීන් හුළඟේ සැලෙන
ඉටිපන්දමේ එළිය
වැටී හිම පියලි මත
මවනවා නෙක රටා

ජනෙල් වීදුරුව මත
බැඳී ඇති තුහීනය
වැදී ඔබ උණු සුසුම්
දියාරුව මැකීලා

අත් හළෙමි කාබොලික්
දන් දුනිමි සැත් පිහිය
නැති උනා ඔසු බඳුන
ඔබ සොයා එන අතර

අතීතය සිහි කරන
පුරුදු මේසය මතදි
ලියන්නෙමි ඔබට කව්
ලාරා

මේ 1989 මැයි මාසයේ ලියූ කවියකි.. අපි දෙදෙන එවකට හමු වී තිබුනේද නැත..

Snow swept over the earth
Swept it from end to end
The candle on the table burned,
The candle burned.

ෂිවාගෝ චිත්‍රපටියේ මේ කවිය ගැන සඳහනක් නැත. නමුත් ලාරාගේ කාමරයේ ජනේලයේ ඉටිපන්දම නිසා හිම දියවී පෑදුණු රවුමකින් එහා ලාරා ට පෙනෙන වීදිය ද වීදියෙන් පෙනෙන ජනේලයේ රවුමද ලීන් මේ කවිය විඳ ඇති බවට සාක්ෂි දරයි.

මේසය මත ඉටි වැටිය දැවෙයි
ඉටි වැටිය දැවෙයි...!

5 comments:

ආගන්තුකයා | Stranger said...

ලියාගන්න හිතාගන්න බෑ.. කරන්ට් නැතිවුනත් බලුප් පත්තුවෙනවා.. පට්ටයි..

DawsonP said...

ගොඩක් හොඳ නිර්මාණයක් කියල කටපුරා කියත හැකි වියමනක්.

තව ලියන්න...

DawsonP said...

Winter Night

It snowed and snowed, the whole world over,
Snow swept the world from end to end.
A candle burned on the table;
A candle burned.

As during summer midges swarm
To beat their wings against a flame
Out in the yard the snowflakes swarmed
To beat against the window pane

The blizzard sculptured on the glass
Designs of arrows and of whorls.
A candle burned on the table;
A candle burned.

Distorted shadows fell
Upon the lighted ceiling:
Shadows of crossed arms,of crossed legs-
Of crossed destiny.

Two tiny shoes fell to the floor
And thudded.
A candle on a nightstand shed wax tears
Upon a dress.

All things vanished within
The snowy murk-white,hoary.
A candle burned on the table;
A candle burned.

A corner draft fluttered the flame
And the white fever of temptation
Upswept its angel wings that cast
A cruciform shadow

It snowed hard throughout the month
Of February, and almost constantly
A candle burned on the table;
A candle burned.

-- Boris Pasternak

දුකා said...

"මට ඇය දුන් දෙවැනි උපන්දින තෑග්ග “ෂිවාගෝ” පොතයි. සැතපුම් දහස් ගණනකට එහා උන් 'ක්‍රිෂානි' ලවා ඒ පොත ගෙන්නවා දෙන්න පාසැල් දැරියක ට හැකි විය. ඒ ආදරයයි.. සෙනෙහසයි... ජීවිතයට අවැසි වෙන කුමක්ද? "

නෙතට කඳුලක් ගෙන්වූ කියමනක් . . .

අපූරුයි . . .

කාංචනා අමිලානි said...

ඔව්.අපූරුයි . . .