Friday, 13 November 2009

සාංකාව....


පඬු පැහැගත්
මළානික
හිරු එළිය
වැතිර ගෙන
තණ බිම් අතර
මළානික අහසින් බිමට බැස

තණකොළ පවා
තණබිම
රැගෙන
පඬු පැහැය දුක්බර
නිස්සාර නිම්න භූමියක
පැතිරි හිඳියි
දුර බලා හිඳින
නෙත් අග
දඟ සිනහවක් වුවද
වඩා ගැඹුරකින් හිඳ
සාංකාවක් පෙනෙයි

2 comments: