Monday, 23 November 2009

එකුන් විසි අවුරුද්ද..!


'පබ්' එකේ පැත්තක

තියෙන ගම්මාලු ගස යට

තාමත් 'ජෝඩුවක්' ඇති

කෙල්ලෙකි වැඩිය හැඩ නැති

කොල්ලෙකි අතේ පිච්චිය නැති


අමරදේව ට සේකර පණ හළ

වික්ට' කටපාඩම් කළ

නන්දා ගී පද මතක් කළ

කපුගේ නින්දෙනුත් මිමිණුව


ගම්මාලු පොතු යට උන්ගේ හද ගැස්ම ඇති

ගම්මාලු කොළ අතර බෙදා ගත් සෙනෙහස ඇති

වසත් කල කල මහ පාරටත් විසිරෙන

පුංචි කහ පෙති වල කවි ලියූ අකුරු ඇති


සඳ එළියක වැතිර

අහන මෙන ගී සර

හදෙහි වූ ආසා

සැබෑවක් වී ඇත


වියපත් විවාපත්

උසයයි උපන් දරුවත්

තරුණයි තාම හදවත්

ලියැවෙයි ප්‍රේ ගීතත්


කල් ගෙවී ගිය මුත්

සෙනෙහස නොවේ අඩුවක්

දෙන මුත් චකිතයක්

වලියක් වුණත් ජොලියක්


ගම්මාලු සෙවණ යට තාමත්

සිටිති කොල්ලත් කෙල්ලත්

පැහැරුවොත් කඳෙන් පොත්තක්

අලුත් ලේ බිඳු ඉන් ගලත්


හෂිත -2009/11/24

22 comments:

  1. මරු අයියේ...සුබ පැතුම් !

    ReplyDelete
  2. පට්ට කවියක් නේ හසිත...
    මේක කියවද්දි උඹලා දෙන්නගේ ලව් ස්ටෝරි එක හරහා උඹලාව අවුරුදු ගානකට කියෙව්වා. හරියට හැමදාමත් අළුත් වෙවී හිනාවෙන්න පුළුවන් කියන එක ඔප්පු කරලා වගේ. හරිම හිතවත් පාට පාට අදරයක් නේ මේ කවිය අස්සේ ඉන්නේ....
    උඹලා දෙන්නටම කෙලවරක් නැති සතුට, ආදරේ,හිනාව වගේම පුංචි පැංචිගේ ලෝකෙත් වාසනාවන්ත එකක් වේවා...

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි රංගි..!!
    බොහෝම ස්තුතියි මුචලින්ද..!!

    ReplyDelete
  4. ඇත්තටම ලොකු අයියෙ, කෑමක රස දන්නෙ ඒක කාල තියෙන කෙනා විතරයි.
    ජය!

    ReplyDelete
  5. pissu hadenawa ban- maawa gal wuna meka dakala.... meka puduma kawiyak yako

    ReplyDelete
  6. හරි ම රසබර කවියක්.

    ReplyDelete
  7. nice!! :)
    කියන්න වචන නැත.

    ReplyDelete
  8. මචං මම හිතාගෙන හිටියේ කවියක් ලියලා JPEG එකක් විදිහට Save As කරලා ඇමෝම එකට ටැග් කරන්න කියලා . . . උඹ එක්ක හැප්පෙන්න කවි ලියන්න . . පුහ් හිතුව මදි . . . ඔන්න ඉතින් මම හශිතගෙ කවියම මගේ මූනු පොතේ ශෙයාර් කලා . . . . . සුභ පැතුම් . . එරන්දතී විතරක් නෙමෙයි තව දරුවෝ දුසිම් භාගයක් පමන ලැබ . . . 19ට 69ක් 99ක් කල් උඹලාගේ ප්‍රේමයට ආසිරි පතනවා . . . . ජය වේවා . . .

    ReplyDelete
  9. පිපි මල් මතින් පියමං කලෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන්
    විඳි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කව්දෝ එයින්

    මගෙනුත් සුභ පැතුම්.......

    ReplyDelete
  10. දහනව වසක් ආදරයෙන් පුරවන්න
    ජීවිත දෙකක ආදරයක් කියවන්න
    සියල් සතුට සැම ඔබ හා පවතින්න
    මල්මිට ගන්න දෙදෙනාට ම සුභපතන

    දෙන්නගේ වයසට නෙවෙයි අවුරුදු 19ක පවුල් කතන්දරේට 120ට 220 ආයු බෝ වේවා...! ;)
    සචි හෂිත ඔබ දෙදෙනාට සුභ අනාගතයක්

    ReplyDelete
  11. සාගර රුළි සේ සැඩයි
    නුඹේ ආදරේ
    සඳ එළියසේ නිසංසලයි
    නුඹ නිවසේ
    නදි දහරසේ ඈ ගලයි
    මිණි පහනසේ ඔහු දිලෙයි
    ජීවන මඟට එළියක් වී
    එරබන්දූ මල පිපෙයි
    සුවදින් ලොව සරසවා...

    මිනිසෙකු වීම දුර්භල අවස්ථාවක්, ඒත් ආදරෙන් විවාහයක් දැකීමත් ඊට වඩා දුර්භලයි, එවැන්නකින් අවුරුදු දහනමයක් ලෝකය සැරසවු ඔබ දේපලගේ ආදරණිය සංසාරගත බැදීමට මගේ හෘද්යාමය පැතුම්!

    ReplyDelete
  12. ඔහොම ආදර කතන්දරයක් අහන්න ලැබීමත් සතුටක් නොවැ......
    හැමදාමත් ඔයවිදියටම ආදරෙන් ඉන්න ලැබේවා කියලා පතනවා,මචෝට හා මචීට....

    ReplyDelete
  13. Great poem... Great... I was stunned.. harima lassani..

    ReplyDelete
  14. සාලිය - අශෝකමාලා, චිත්‍රා - දීඝායු, අතුල - රෝහිනී, දම්මි - සුගත්, නළ - දමයන්ති, කැතරින් - හීත්ක්ලිෆ්, රාමා - සීතා, ජෝන් ජයපාල - මාලනී, සාජන්ට් නල්ලත්ම්බි - ජූලී ප්‍රේම නාමාවලියට සචී - හෂිත නම් දෙකත් එකතු කරමු නේද ළමයිනේ . . .

    ReplyDelete
  15. අපි දෙන්නගෙ ඉස්කෝල යාලුවො ඔක්කොටම දීර්ඝ ප්‍රේම කතා තමයි තියෙන්නෙ. එයින් පරණම එකට (රංග - තුෂාරි ) අවුරුදු 22 යි. අනික් දෙගොල්ලකට (නදීකා - සුරාජ් සහ නිරෝෂි - චම්පික ) අවුරුදු 20 වෙන්න ඔන්න මෙන්න....තව ජෝඩුවකට (මේධා - අනුරාධ ) 18යි...(කොල්ලොම තුන් දෙනයි...!!!!!!)....ලස්සන වැඩේ කියන්නෙ චම්පික ඇරුණු කොට අනිත් පිරිමි ටික එක ඉස්කෝලෙක එකට හිටි උදවිය....ගෑනු ටික - අපි ටික - එක පන්තියෙ එකට හිටපු උන් ටික....! (ගම්මාලු ගහ යට උදැල්ල දාගෙන ඔය කියපු මේධයි නදීකයි දෙන්නත් එදා හිටියා....!!!)

    ReplyDelete
  16. සුබ සුබ.. පබ් එක මම ඒලෙවල් ඉවරවුනත් එක්ක අතෑරපු තැනක් වුනා. ඕන්න මගෙනුත් සුබක්.. ජයවේවා..

    ReplyDelete
  17. Machan, Meka nan irisiya hithena kaviyak. Apen subha pethum!!!

    ReplyDelete
  18. Hashitha, Sachee
    - edaa book launch eka vele vediya katha karannata nolebeema gena kanagaatu wemu.
    -Rasika

    ReplyDelete
  19. ආදරේ හිතෙන කවියක්.මෙහෙම පෙම් කතා හරි දුර්ලබයි.
    සචී-හශිත ඔය ප්‍රේමය චිරාත් කල් දිනේවා !

    ReplyDelete
  20. බොල0 මලයො,
    "කෙල්ලෙකි වැඩිය හැඩ නැති.."
    කියල කිව්වෙ පිට පොත්ත රතු නැති නිසාද?? :D

    ReplyDelete