Tuesday, 20 October 2009

වන්දනා ගමන..



බෝ දුරට පෙනෙන අර මහ කන්ද...
වැඩ සිටියි වැඩිහිටිව පැණසරව...
මහකන්ද කූටයට නැගයන්න
පිරුවටින් පේවෙලා පැමිණෙන්න..

දුක් බෙදන දාස් දෙන නියඟයට
පින්තාලි මදිය පින් කරන්න්ට..
දුක්ම වළඳමින් තුන්වේලටම
වන්දනාවේ යන්න එක්වන්න

මුර කරන දේවතා රූ වුවද
මුරගලට සාප නොම ඉල්ලන්න
පිරුණු සඳකඩ පහණ කියවන්න
අඩ දැණිව බිම නොහෙව
දෙපා තරයේ එබිම හිටවන්න......

කටුක ගල් තල මත
නොමඳ දුක් සටහන් කෙටුන
ලියවැලෙන් වසනු ඉඩ නොම දෙන්න
පාදමේ වාමන රූප බිඳලන්න .......

පිරුවටම ඇඳ යලිදු පේ වෙන්න
කඳුලු ගං දිය ගලා සුසුදු වූ
මේ බිමේ වැතිර නළලත හොවා
නමදින්න……

(පේරා 1997)

2 comments:

LishWish said...

කල්ගියත් කව.., බසේ රස නැසී නැති හැටි...!
හිත්වලට උත්ප්‍රාසය දනවන පද පෙළක්...!
ජයෙන් ජය පෑනෙන් විකුම් පානා අත්ගොබය ට...! :)

ආගන්තුකයා said...

අඩ දැණිව බිම නොහෙව
දෙපා තරයේ එබිම හිටවන්න......

මෙතන තමා තරු පේනා තැන.