Saturday 6 March 2010

ආදරෙන් ලියන්නෙමි


ඔබ

ලියුම් එවන තුරු උන්නා

ඇස් රිදෙන කම්

පාර දිහාවේ බැලුවා


ඔබ ලියා එවනවා කියු දෑ

හීනෙනුත් දැක්කා

කසිකබල් චිත්‍රපටියක් වගේ

දුෂ්ඨයෙක්

ඒ වචන බුර බුරා කෑවා

අපේ ආදරෙත් ඒ වගේමද

මට හිතුණා


මමත් තනියෙම්ම

ලොකු දැල් රටා විව්වා


ආදරෙන් ලියන්නෙමි,

මගේ ආදර දැලේ

ඇස් ලොකුයි

ඔබ එයින්

ලිස්සලා

වැටුණා


-1996-


රූපය: අපර්ණා සෙන්: සිනමා නිළිය හා අධ්‍යක්ෂිකාව.
කොන්කොනා සෙන් ශර්මා ගේ මව.
අපර්ණා, රායි ගේ 'තීන් කන්‍යා' හි අවසන් කන්‍යා ව වූ 'සමාප්ති' හි 'ම්රින්මයි' රඟමින් සිනමාවට එක් වූවා ය.

3 comments:

Narada said...

රසවතීයගේ අපර්ණා නම් වෙරි Luck!
පැඳි පෙළ ගැන කිව්වොත් ‍AWESOME!
මේක කියවලා මට නිකං ඔරප්පු Mood!
තාමත් ඒ මතක සටහන් තියෙනවා Still!

හෂිත said...

Thankuu .. ! Binkuuu..!

DawsonP said...

දැලේ ඇස් ගැන වියපු හැටි ? මට මේ වැකියේ අර්ථය සොයා ගන්න අහඹුතා ආකෘතියක් හදා ගන්නට සිතුනා.

කොයි තරම් විචල්‍ය සත්‍යයන් මේ තුල අන්තර්ගතදැයි සිතුනු නිසාවෙනි.