Saturday, 6 March 2010

~ රන් රෝස~



රෑහි

රෑ අඬනකොට

බිඳෙන් බිඳ

පිණි වැටෙන හඬ

ජනේලෙන් එපිට

ඇහෙනකොට

මායාවකින් වගේ

හැමදාම

ඔබ

හීනියට ගෙතූ

කොණ්ඩේ රඳවගෙන එන

ලොකු පෙති තියෙන

ගැට පිච්ච මල්

සුවඳ පිරුණා


ඔබ

ලියා එවූ

කවියේ තිබුණු

හරිත පැහැ ගත් ළ පලු

පිරුණු ගස් තිබුණා

අපි ආස කෙරුව

කහ මාර මල්

පොකුරු

ඒ ගස් පුරා පිරී තිබුණා

ඒ මලක් එක්කලා

ඔබගේ අත්ල

සිප ගන්න හිතුණා


හීනෙකින්

වාගේම ඔබ ඇවිත්

මගේ නළල පිරිමදිනු දැනුනා

ඇහැරලා බැලුවාම

අපේ අම්මා එතන

නිදිමතද?

ඇහුවා



අනේ...

එක රෑක

මේ ඔක්කෝම

මගෙ වටේ දැනුනා


ඇත්තමයි ඇඳ ඉහාතේ

පොත් රාක්කේ

ඔබ

අරන් දුන්නු

'අපූගේ ලෝකය' වගේ

ඒ පොතේ

චමත් කාරය වගේ

ඔබ ඇවිත් හිටියා

සත්තමයි පොත් රාක්කේ

එකම තැන

අර අපේ ආසාම පොත

ඇට මැස්සා

කවුරුදෝ

'රන් රෝස'

එක්කලා

එකට තියලා

තිබුණා ...... !



1992-05-24

3 comments:

  1. Wjo wrote thiz....... nice work... keep it going

    ReplyDelete
  2. @ shain5: මා මිස අන් කවුරු..???

    ReplyDelete
  3. ඉරිසියයි..:)

    ReplyDelete