Saturday, 19 December 2009

වික්ටර් ප්‍රාතිහාර්යය














භාගේශ්‍රී සරල සැහැල්ලු සන්ධ්‍යා රාගයකි. එය මහත් වූ ආහ්ලාදයකින් සවන් මන පිනවයි. භාගේශ්‍රී ගැන මට කියා දුන්නේ නිමල් අය්යාය. ඔහුගේ ටේලර් සාප්පුවේ දී එකතු වූ සැන්දෑවක භාගේශ්‍රී මූලික ස්වර සංගතිය වාදනය කර පෙන්වා 'හෝ පළු වනපෙත' එච්චර ලස්සන භාගේශ්‍රී නිසා යැයි කීවේය.

හෝපළු වනපෙත පමණක් නොව වික්ටර් ගේ මුළු සංගීතයම මනාව සුසර කළ වයලීනයකි. ඔහුගේ හඬ වයලීන තතකින් කරන හරඹයකි, සිරුමාරුවකි, කස්තිරමකි, අඩව්වකි, සුරලකි.. ට්‍රෙමලෝවකි.. ජලාවකි.. ඇඩ්ලීපයකි. 1975 දිනෙක කෑගල්ලේ නගරශාලාවෙහි '' අසන විට ඇතිවු චමත්කාරය කවර අයුරකින් නම් මඟහැර යා හැකිද...තොටුපළ අයිනේ.. මීනා.. බිංදුමතී අදටත් රූප වශයෙන් මතකයෙහි රැඳී පවතින්නේ මැකිය නොහැකි අන්දමිනි.

අද 'පණ්ඩිත් ජස්රාජ්' භාගේශ්‍රි මුල් කර තැනූ පෙරදිග සංධ්වනියක් අසද්දී හෝපළු වනපෙත ද යළි නොඅසා බැරි විය.ලංකාවේ සංගීතයෙහි හින්දුස්ථානි රාග ඇසුරු වුවද අර්ධ ශාස්ත්‍රීය ගී නිර්මාණය වී ඇත්තේ අතළොස්සකි. පී.වී නන්දසිරි, බී වික්ටර් පෙරේරා ආදීන් අනුදත් ගීත ආරේ, වික්ටර් අතින් බිහිවු ගීය අනූපම වෙයි. එහි ආලාප කොටස කෙටි සරු එකකි. තානාලංකාරය පරිපූර්ණය. තදියමක් හෝ මැලි කමක් නොදක්වන වික්ටර් ගීතයට ප්‍රවේශ වන ලයෙන් ම ආවේගයෙන් ම තානාලංකාරයට ප්‍රවිශ්ඨ වෙයි. එහි නැඟි යාත්‍රා කරයි.. ඉපිලෙයි.. කිමිදෙයි. හෝ පළු වනපෙත අරක් ගත් රාධාව චක්‍ර ගණනකින් අලංකෘත කරයි, රංජනය කරයි. අවසන අනේ ! මේ සින්දුව තව ඩිංගක් දිග වුනා නම් යැයි සිතවමින් නිමා කරයි.

' වික්ටර් නේ හලෝ!' අපේ ගෙදර උන්දෑ මැදට පනී.

වික්ටර් ගේ හඬ අප නොසිතන නොවිමසන තන්හී සියුම් ඉසියුම් හැඟුම් ප්‍රකාශනයක යෙදෙයි. සරා සොඳුරු ගීයෙහි කුණාටු මැදපාදයේ ආරම්භය එවන් එක් තැනකි. ආදර පූජාසනේ හි '‍යෞවන මල් සමයේ' යනුවෙන් ගයන තැනත් එසේම ය. ඔහුගේ අනෙක් අර්ධ රාගධාරී ගියක් වන 'නුඹේ නමින්' හි 'මා හැර ගිය දුකින් තැවී' පාදයෙහි තැවී යනුවෙන් ලෙලෙන කොටස මගේ සංගීත ප්‍රේමයෙකි.

වික්ටර් විශිෂ්ටයෙකි. මගේ ආලවට්ටම් නැතද වික්ටර් විශිෂ්ටයෙකි. ඔහු ප්‍රාතිහාර්යයකි.

7 comments:

දුකා said...

"වික්ටර් විශිෂ්ටයෙකි. මගේ ආලවට්ටම් නැතද වික්ටර් විශිෂ්ටයෙකි. ඔහු ප්‍රාතිහාර්යයකි. "

wachan dekak naha eka ehemamai . .. !!!

malee_msg said...

හඳ පානේ.. මද අඳුරේ.. අත්පටලා යමු ආයේ...!!

ඒ හඬ ඇහුනත් ඇති මුළු ජිවිතේම මොහොතක් එක තැන නතර කරන්න..!

සචී said...

"...ඒ හඬ ඇහුනත් ඇති මුළු ජිවිතේම මොහොතක් එක තැන නතර කරන්න..!.."
සහතික ඇත්ත මලී...!

ආගන්තුකයා said...

මට හැමදාම පාවී වලා ඇහෙන්නේ අමරදේවයන්ගේ මා වවුලන්ට පහුවෙලාය.. ඒක මට තාමත් එහෙමම ඇහෙයි..

මුචලින්ද said...

ඔව් ඒක ඇත්ත.ඒ මනුස්සයා විශිෂ්ඨයෙක්!
සමහර වචන(තානාලංකාරය), රාග මින්පෙර අසා නැතත්. . මේක හිතට දැනිච්ච හොඳ වික්ටර් වැනුමකි.

Koombiya said...

maxa!

“කල්පනා” said...

වික්ටර් අන්තිමට නිකුත් කළ “ගැහැණු ළමයිනේ” මුහුරත් උළෙලට එදා ජෝන් ද සිල්වා එක ඉඩ මදි වුණා ..මම හොදටම දැක්කා කලාකරුවන් පවා හිටගෙන සින්දු ඇහුවා..සමහර අය වික්ටර් ට සුභ පතලා ආපසු ගියා.. 1 400 ඉක්මවා ඇති “ස” ප්රසංගය ට අදත් පැමිනෙන පිරිස සළකා බැලුවත් එහෙමමයි.. වික්ටර් ගේ කටහඩ ඉතාම සුරක්ෂිතයි,