Wednesday 13 March 2013

දහයයි...



ආදරණීය දුවේ..
වරක් ලන්ඩනයේ පරණ පොත් සාප්පුවක පොත් ගරමින් සිටියදී මට ශ්‍රී නේරු සිරගතව  සිටිය දී සිය දියණිය ඉන්දිරාට ලෝක ඉතිහාසයේ සිද්ධි අලලා ලියූ "Glimpses of World History" පොතේ 1942 මුල් අමෙරිකානු මුද්‍රණයේ පිටපතක්  හමු විය. ඉන්දියානු නිදහස් අරගලය ඇවිලෙමින් තිබූ සමයේ, 1945 වසරේ නත්තල් තෑග්ගක් ලෙස කෙනෙකු ලියා තිබූ සටහනක් එහි දෙවනි පිටුවේ වෙයි.

Merry Xmas, 1945
To Cliff who is 'sensible' at a distance of several thousand miles.
your,
Wynona

දැන් ඔබ දහ හැවිරිදිය. ලෝක ඉතිහාසයේ විවිධ තැන් හාරා අවුස්සා පිළිතුරු දීමට කල් ගත වන ප්‍රශ්න අසනු සතුටින් බලා ඉමි.

මම ඒ පොතේ අග පිටුවේ මෙසේ සටහනක් තැබුවෙමි.

2007/ ජූනි,
මා මෙය ලියන විට ඔබ අකුරු ඇහිඳින දැරියකි. යම් දිනෙක මේ පොත ඔබ විසින් කියවනු ඇත. මම ශ්‍රී නේරු මෙන් චින්තකයෙකු, සටන්කාමියෙකු, ශ්‍රේෂ්ඨයෙකු නොවෙමි. නමුත් ඔබ ඉන්දිරාට වඩා හොඳ කෙනෙකු වන බව මට විශ්වාසය.

තාත්තා....  

2013 මාර්තු.

3 comments:

දුකා said...

එරන්දතී දුවට සුභ උපන්දිනයක් වේවා . . . !

CHINTHAKA TIKIRIBANDARA said...

පොත් ගරමින් සිටියදී..
හැබෑව පොත් ගරන්න මමත් බොහෝම මනාපයි.
දියණියට සුබ උපන් දිනයක්.

Dhanuka said...

"නමුත් ඔබ ඉන්දිරාට වඩා හොඳ කෙනෙකු වන බව මට විශ්වාසය"
හොඳ කියමනක් හශිත අය්යා..

දුවට සුභම සුභ උපන්දිනයක් වේවා!!!!