Saturday 2 October 2021

වැල්ලවත්තේ දිනෙක

වැල්ලවත්තේ දිනෙක

නෙරූඩා ආවාස කළ

දැවෙන පොල් තෙල් සුවඳ

පිච්චමල් පුසුඹ

හමන සුළඟේ මුසුව

 

කපු යාර හය වෙලූ

නටන පස්සකි දුවන

ජේත්තු උස් පාවහන්

අඟල් හතරක් උසට

අලුත් නිළියක් නොවෙයි

මේ කොළඹ විසූ ළඳ

අවලාද අවමාන

බහු බැරල්

පහර ලද


තොවිල් යක් බෙර හඬින්

ගිගුම් දෙයි කොළඹ හය

ගම ගෙනැත් පැළකලා

වැනිය මෙහි නුවර මත

 

රතුපාට, කහපාට

වීදි වේදිකා මත

මැදින් මහ වැහි වැටෙයි

විසුළ කුණු සෝදනු පිණිස..

05/


03/2014




1 comment:

sandhakadapahana said...

මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!