Saturday 14 December 2013

මී ළඟ මීවිත..!

මම හෙට නුවර යමි
රුවන් ගේ පොතත් අරගෙන
වැව් දිය ඉවුරු මත
නගන හඬ අස අසා
ජින් කවිය කියවන්න

අනිද්දා පෝය දවසක්
රන් සඳ පෙරා දෙන
රිදී දිය වතල වැව මත
සිහින් දිය ඉරක් මතු වෙයි..!
උල්පැන් ගෙයට යා වෙන
ඇතොවුර ඉතිරි තන්
දෙසීයක් ගැටී රත් වුන
අත් දෙසීයයි-තන් දෙසීයයි
නුවර වැවටත් බැම්මෙ චූ යයි..!

කුණ්ඩලකේසි ගැන
කියා දෙමි එරන්දතියට
වැව් පිටාරය බල බල
සත්තුක කෙනෙක් වූවොත්
දීපිය මන්න පාර ම....!
පූර්ණකයා වුණත්
දැඩිමුණ්ඩයට හසු නොව.

මේනකා අඬපු තැන අර
සරදියා එල්ලු පෝරකේ
අර මහ බිත්තියෙන් ඔබ..!
මැද ඇළ ගලයි මෙතනින්
නුවරක කුණු එකතු කර
ඇසූහු ද නුවරුනි
බෝතල් දෙක හමාරක්
මෙහි ජින් ගැලූ වග
කවියෙක් මෙහි උපන් බව...?

‘මීළඟ මීවිත’ ම
බිබී මත් වෙමි මම
ඊළඟ මීවිතට ..
මිදි රැස් කරන් හනිකට...!

3 comments:

Lishan Puwakovitage said...

පොතම තනි නිසඳැසක..!

Mahesh M said...

නියමයි හෂිත. රුවන්ගෙ පොත..අනිත් කවීන්ටත් උල්පතක්

Unknown said...

හරිම ලස්සනයි හෂිත අයියෙ... ඇත්තටම ලස්සනයි... මුළු පොතම එකට..