Tuesday 26 March 2013

මහගම සේකර.....


මම හෂිත රුවන් වෙමි. මගේ නමට රුවන් කෑල්ලක් ඈඳුනේ අපේ අම්මා මේ සින්දුවට පණ ඇරලා ආසා කළ නිසාත්, තාත්තා පාසලේදී මේ සින්දුව කියපු ගෑණු ළමයාව කසාදබැන්ද නිසාත් ය. 

මට ගෙදරට නමක් විය.. එය අපේ ගෙදර ලිපිනයේ නමද විය, ගේ ඉදිරිපිට කුඩා තහඩු කෑල්ලක 'තුෂාර' කියා ලියා එල්ලා තිබුණි. ගමේ කිසිවෙක් මා හඳුන්වන්නේ තුෂාර කියා මිස වෙන නමකින් නොවේ.එයද මේ ගීය ඇසුරිනි.  


අපේ දුව නැලවුනේ ද මේ ගීය අසමිනි.. දැන් ඇයද රුවන් වලා දුහුල් කඩින් කියන හැටි ඉගෙන ගනිමින් සිටී. 
ඒ අපේ ගෙදර උන්දෑද මගේ නැන්දම්මාද රුවන් වලා දුහුල් කඩින් නිතර ගයන එහි ප්‍රේමණීය රසිකාවන් වූ නිසාය.


මහගම සේකර අපේ ජීවිත වලට බලපෑවේ ඔන්න ඔය අයුරිනි. 

ස්තුතිය : ගි පද රූපය: මානෙල් ප්‍රනාන්දු


4 comments:

CHINTHAKA TIKIRIBANDARA said...

මතකයන් අවුස්සනු ලැබූවා ඔබ.
.මෙන්න මෙතනට ගිහින් මේ ගීතය බාගන්න පුළුවන්
http://slsong.com/sinhala_mp3/nanda_malini/ran_kenden/songs/Ruwan%20Wala.mp3

හැලපයා said...

මමත් ඉතා ප්‍රියකරන ගීතයක්,ගීතයත් දැම්මානම් තමා හොඳ

Loku said...

http://soundcloud.com/ransirimal-fernando/ruwanwala-take1march52011

කතන්දර Kathandara said...

http://soundcloud.com/ransirimal-fernando/ruwanwala-take1march52011
සිත් ඇදගන්නා ගැයුමක්. සින්දුවේ මැද හරියේදී තමයි තේරුනේ මේ ගායනා කරන්නේ මියුසික් නැතුව නේද කියලා!