![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8SWwNrJRbSGEudvPDupsfJLGM5OdOi83R50Fnqb9ZHY6tUFjIla8Q2WV5N1WIA89w24eZFDf7O0MBZwClYYMDUBSiu5WEoqEbcsWS3vueFDEyvk1ZG-Fzol6DuFwYlnx3i5YJc-JuFWKP/s320/india.JPG)
සුනේත්‍රා අක්කා අපට නොවරදවා මුණ ගැහෙන තැනක් ඇත.....
පොත් ප්‍රදර්ශනයේ පළමු දින කොතැනක දී හෝ ඇගේ සුදු ඇඳුම හමුවේ. එය නියතය... ..
ඉස්සර විදර්ශිය කළ කාලයේ කවියක් පරිවර්තනය කළ මට ඇයගේ සකායි පොතේ වෙලුම් දෙක තෑගි දුන්නාය. ඒ අවුරුදු විස්සකට පෙරය... ඒ අතේ සල්ලි නැතුව පොත් අත ගා බලා එන කාලයකි..ටියුෂන් ගාස්තු දී පොත් ගෙන ටියුෂන් මඟ ඇරිය කාලයකි..
උන්දෑ කොතැනක මුණ ගැහුනත් කෙටි පොදු තොරතුරු කීපයක් කතා කිරීම සිරිතකි. අපේ කෙල්ල බඩේ ඉන්න කාලයේ සුනේත්‍රා අක්කා හිටියේ චීනයේය.. කෙල්ලට මහායාන නමක් හොයා ගන්න මට පිස්සුවක් තිබුණි.. ඒ ගැන විමසා මා යැවූ ඊ මේලයට හැරෙන තැපෑලෙන් මිනිපිරියකට ප්‍රවේසම් කර තිබූ නම ලියා එව්වේ.. තණ්හාවක් නැති නිසා බව සහතිකය....අපේ හදිස්සි තීරණය නොවන්න .. කෙල්ලගේ නම සුනේත්‍රා නිෂ්පාදනයක් වනු ඇත..
සබරගමුවේ ගොඩේ කතා නව කතාවකට ගොනු කළ හැකි බව .. ඒවා පණ්ඩිත කථා වගේම රසවත් බව සුනේත්‍රා ගේ කථා ඔප්පු කර පෙන්වයි....සුනේත්‍රා අනිත් කථා කාරයින්ගෙන් වෙනස් වෙන්නේ .. කථාවේ ගලා යාමට බාධා නොකරන විදිහට දෙබස් සිළුටු කිරීමෙනි... මේ වගේ කථා ලියූ අනෙක් කෙනා ඇල්. ඩී. මැන්දිස් ය.. ඔහුගේ කථා නැවත නැවතත් කියවිය හැකිය....පණ්ඩිත දර්ශන වාද ඔහු නොලිවීය... සාමාන්‍ය මිනිස්සු ගෑණු ඒ කථා වල හමු වෙති...
සුනේත්‍රා අක්කා ගේ කථා පටන් ගන්නේ ශ්‍රී සඟරාවෙනි.. අපේ ගෙදර උන්දෑ ට ඒවා තාම මතකය... අල්ලපු ගෙදර හිටි කාසිම් ඇන්ටිලාගේ රාක්කයේ තිබී මෝපසාන් කෙටි කතා (ලා කොළ පාට කවරය) කියවූ 1986 දී.. සුනේත්‍රා අක්කා .. හමු වීම තියා.. ඇය දැන් ලියන විදිහට ලියයි කියා වත් හිතුනෙ නැත... නමුත් ඒ පොතේ හමුවූ අපූරු ශෛලිය දැන් මුහුකුරා ගොසිනි..
බුද්ධදාසි පිටු තුනක ට වඩා කියවා නිම කරන්නත් පෙර.. යමක් ලියන්න සිතුණි.. ඇය පරිසමාප්තියට පැමිණෙමින් සිටින්නීය...සුනේත්‍රා තම ශෛලියෙහි පූර්ණත්වය නිමා කරමින් සිටින්නීය... ඇය දැන සිටීම ගෞරවයකි.. තමන් පිළි නොපදින ගජ බින්න දර්ශන වාද ඇද බාන නව-කට්ටයන්ට වඩා සුනේත්‍රා.. අවංකය..
සුනේත්‍රා අක්කා ලබන අවුරුද්දෙත් මුණ ගැහෙමු....!