එක පැත්තකට පමණක්
වාහන ගමන් ගන්නා
බම්බලපිටිය හන්දියෙ
පැරණි උයනක් වෙයි
නුග රුක් වැවී සා බර
වල්ලහපට්ට වැනි
අගනා මිහිරි හර යුත්
නොයෙකුත් රුකිනි සසොබන
සෙවණට ඉන්න යහපත්
අඳුරු හේඩාවැති
උයනකි ඉතා සුන්දර
උයන් පල්ලෙක් වීය
සියලු රුක් දැනගත්
කුසුමෙන් කුසුම රැකගත්
සෙවණට පැමිණි සියොතුන්
ඔහුගෙන් ගී අසා ගත්
ජෑස්, කර්ණාටක්
ඇෆ්‍රෝ, රෙගේ, රිදම් හා
බ්ලූ
ෆියුෂන්, ලතින්, මෙටලික්
රොක්
මනරම් ඉස්තරම්
වැවුනයි එහි කුසුම්
කැන්..!
සංස්කෘතිය වගා කළ
නෙගණ පිල් රැස්කළ
උයනක් නොවී වෙන
ගෙන්දගම් පොළව මත
අළුත් ගී මියුරූ
සොයමින් නිබඳ සැරි සැරූ
කල් රැකි පැරණී ගී
යහනෙහි සිටිය මල් කරූ
රිය යන එක දෙසට
මහ මං තීරු ඇතිරෙන විට
උයනක නිසල බව
ඇවැසි වෙද කා හට
එ සිතූ උයන් පල්ලා
අස්වනු නෙලන්නා හා
යන්නට ගියේ නික්මී
දවසක හදිසියේ..
ලෝරිස් පාර අයිනේ
ඇති කුඩා උයනේ
නොනිවෙන කුඩා පහනක්
උයන් පල්ලා නමින්
දැල්වේ..!
හෂිත අබේවර්දන
30-01-2014
5 comments:
උයනට ගියපු, උයන් පල්ලා එක්ක කතා කරපු මනුස්සයෙක්ට දැනෙනවා උයන්පල්ලා නැති උයන එදා උයනම නොවෙන බව. දැන් උයනෙ ඇති දෙයක් නැති තරම්.
බම්බලපිටිය හංදියේ බස් නැවතුම, ලෝරිස් පාර, සරස්වතී රස සුවඳ, රීඩ් මාවත් හෙවණ, මේ මගේ මතක ගබඩා පුරවපු තැන්! මේ කියල තියෙන්නේ කා ගැනද කියලා තේරුනේ නම් නැති :(
මගේ සංගීත චාරිකාවේ එක වැදගත්ම තැනක් ලොරිස් පාරේ 'උයන රෙකෝඩ් බාර්' එක
මේක අන්තිම වේදනාබර ආරංචියක්. හෂිත කලින් මේ කවිය එවල තියෙද්දි හිස ලොප් වුණා. කවිය විහ්‍රහ කරගන්න පවා අමාරු වුණා. ඇයි මේ තරම් ප්‍රමාද වුණේ පියතිලක ගැන වේදනාව දැනගන්න. කවුරුවත්ම ඔහු ගැන ලිව්වෙ නැද්ද? ලිව්වනම් එය මට මඟහැරිලද? කවුරුවත්ම මටඩ පණිවිඩයක් එව්වෙ නැද්ද? එව්ව නම් මට මඟ හැරිලද? තමන්ගෙ සංස්කෘතික ඥානයට ‘මල් රේණුවකින්‘ හරි සම්මාදම් වුණු කෙනෙක් මේ විදිහට අමතක වෙන්නෙ කොහොමද? ‘උයන‘ කෙරෙන් හමන්නෙ අතීත සුගන්ධයනක් විතරද?
හෂිතගේ මේ කවිය මට වැදගත් වෙන්නෙ එහි අන්තර්ගත කාව්‍යෝක්තින් හිනඳම නෙවෙයි, එහි පෙනෙන මනුස්සකම නිසා. තමන් අතපත්වුණු හෘදයාගම නිමේෂයන් අමතක නොකරන්නකුගේ ස්වරය එහි අන්තර්ගත වන නිසා...
උයනේ නේක මලක - උත්තර භාරතීය - රොක් - රිද්ම්-න්-බ්ලූස් ආදි වූ - තම සංගීතමය වස්තුව ලෝභ නැතුව බෙදා ගත් ඔහු නික්ම ගිය බව දැන ගත් කලැ, මහත් සංවේගයක් ඇති විය. ඉන්න තැනක වටපිටාව ද ඔබ සංගීත දැනුමෙන් පුබුදු කරනු මැන!
Post a Comment