
ඊයේ මියගිය රුවකින් විමසමි 
ආයේ නොයෙනා වග නම් දන්නෙමි 
මීයේ රස ලෙස රස වළඳන්නෙමි 
කායේ ගීයෙන් මතුවෙද නොදනිමි...
සෙවනැළි වැතිරුණ රෑ මහ මාවත 
අඩ එළියෙන් හෝ හමුවෙනු කැමතිව 
බමන මතින් මත් වු සළෙලෙකු ලෙස 
හිටියෙමි රැක ගෙන මේ නගරය මැද
පත් ඉරු විසිරෙයි කාලය ගත වෙයි 
ඈතින් හිඳගෙන හිනැහෙනු නොපෙනෙයි 
රේණු දැදිරි මල් කෙමියක ගුලිවූ 
නොලියූ ගීයක යටි පෙළ වාගෙයි
කඳුලු දනව්වේ උල්පත් වියැළී 
කතරක තනිවී හද ද ගිනි ගනී 
හෙට දවස ද අද වාගෙම පාලුයි 
වැලි ගෑවුනු ලෙස දෙයැස කැවේ
-2013-
 
1 comment:
අපූරුවට ලියලා තියෙනවා.ප්‍රේම් සමග විනාඩියක් වුනත් සොම්නසක්.
Post a Comment