කම්පනය : 28/09/1990
නුඹව මම දුටුවා..
නුඹ සිනහ මුවේ රුව දුටුවා...
සිත පතුළ කිතියකින් වෙලුණා.....
නුඹ පසෙක රැඳුණු සඳ...
කොහොමදෝ...නුඹ ඉවත හැරුණා......
යළිත්..හිත හඬන්නට හැදුවා.....
සුනිල නෙත් දිය විලේ..
පතුළ කොතැනද....
බලනු හිතුණා....
හොර ඇහින්..ඒ දිහා බැලුවා...
නෙත දිලෙන..තෙතමනය පෙනුණා....
ස්නේහයෙන් පිරී....සිත සැලුණා.....
පුර පසට පෑයු සඳ දුටුවා...
සඳ අසල..තරු කැටක්...දිලුණා....
රාත්රිය සුන්දරයි...දැනුණා....
සිහිනයක..කවි කැකුළු පිපුණා...
මාලතී කැකුළු ..යළි පිපුණා....
සුදු පැහැය..පිණි අතර රැඳුණා....
'කම්පනය'...සියොළඟට දැනුණා....
සෙවණැල්ල සිටියදිත්...
තනිකමක් දැනුණා......!
2 comments:
විසි වසරකට පසුව ද
වෙනසක් නැතිව දැනවුණු
'කම්පනය'...!
meka maru!
Post a Comment