උදයංගනී තෙන්නකෝන්
1980 - 2012
..දෙපස සුදු දද නඟන
නිමල සුදු වැලි ඉසින
මහ මගින පෙරහරින
ඇය රැගෙන අපි ගියෙමු ..
..ඈත අහසේ ඉහළ
සුදු වලා පෙළ ගැසිණ ..
...ඇයගෙ නව කුටිය මත
තුඟු විසල් කුඹ ටැඹින්
නැගුනු සුදු දුම් රොටුව
සාන්තව ඉහළ නැග
ඒ වලාකුළු අතර
අතුරුදන් වී ගියෙය...
..දැඩි හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
පිණි බිඳුවක් ලෙසට ඔබ අහසට නැගින...
-වසන්තා - මහගම සේකර - සක්වා ලිහිණි-
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුනා
නෙලූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුනා
- රත්න ශ්‍රී -